Crypto Airdrop ගැන සරලව.


Saturday, June 20, 2020

ADVERTISEMENT
Crypto Airdrop Bounty Explanation in sinhala.

Crypto Airdrop Bounty Explanation in sinhala

Airdrop එකක් කියන්නෙ අළුතින් නිර්මාණය වන Cryptocurrency project එකක, ඔවුන්ගේ මුලු ටෝකන ප්‍රමාණයෙන් කොටසක් නොමිලේ ලබාදීමයි. මේ නොමිලේ ලැබෙන ටෝකන අපිට ලබාගන්න නම් ඔවුන් නම් කරන social media Task එකක් හෝ කීපයක් අපි සම්පූර්ණ කලයුතුයි. මේ දෙයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ Cryptocurrency project එක ගැන socialmedia හරහා පුද්ගලයන් දැනුවත් කිරීමයි. මේ airdrop කිරීමේ වාසිය තමයි කිසිම මූල්‍යමය අවධානමක් ගන්නෙ නැතිව අලුතෙන් Crypto Market එකට එන්න නියමිත Coin වර්ග free එකතු කරගන්න පුලුවන්. ඒවා Exchange එකක list කලාම අපිට පුලුවන් ඒවා විකුනලා ප්‍රතිලාභයක් ගන්න.

Airdrop එකක් කරන්නේ කොහොමද ?

අලුත් Cryptocurrency project එකකින් ලබාදෙන Free Token ලබාගන්න සුදුසුකම් ලබන පිරිස Crypto Currencies ගැන යමක් දන්න අය වෙන්න ඕනේ. ඒ සඳහා හොද ඇක්ටිව් Facebook, Twitter, Telegram වගේ Social Media එකවුන්ට් වගේම Bitcointalk Account එකක් සහ එම ටෝකන ලබාගැනීමට ගැලපෙන wallet එකක් අපි ගාව තියෙන්න ඕන. ඒ වගේම අලුතින් හදාගත්ත Email Address එකක් මේ සයිට් වල register වෙන්න පාවිච්චි කලොත් හොදයි. Bounty කියන්නෙත් Airdrop වගේම Social media Task සම්පූර්ණ කිරීමෙන් ටෝකන ලබා ගැනීම තමයි. වෙනස තමයි Bounty එකකදි අපිට යම්කිසි කාලයක් එකදිගට task සම්පූර්ණ කරල proof submit කරන්න වෙන එකයි. ඒකට තමයි මම කලින් කියපු Bitcointalk Account එකක් ඔයාලට ඕනෙ වෙන්නෙ.

Facebook, Twitter, Telegram වගේ social media account හදන විදිහනම් විස්තර කරන්න දෙයක් නෑනෙ.
ඒක නිසා මම Bitcointalk Account එකක් වගේම පහසුවෙන්ම wallet එකක් හදාගන්න විදිහ ඊලඟ පෝස්ට් වලින් වෙන වෙනම දාන්නම්. එතකොට ගැටලුවක් ඇතිවෙන කෙනෙක්ට ලේසියෙන් හොයාගන්න පුලුවන්.

අලුත් පෝස්ට් මම Twitter Account එකේ තමයි share කරන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒක නිසා
Crypto Tips Lk Twitter ෆලෝ කරල නොටිෆිකේශන් ඔන් කරල තියාගන්න. මගෙ twitter account එක follow කරන හැමෝම මම followback කරනව. ඒක නිසා ඔයාලගෙ twitter followers count එක වැඩි කරගෙන මේ field එකේ ඉන්න යාලුවො අදුරගෙන හොඳ Airdrop Bounty කරන්න උදව්වක් වෙයි. ජය..!
ad